එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම
- ජාතික හැඳුනුම්පත කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම එක්දින සේවය යටතේ සිදුකෙරේ.
- එක්දින සේවාව පුද්ගලයන් ලියාදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේද, වයඹ පළාත් කාර්යාලයේ හෝ ගාල්ල පළාත් කාර්යාලයේ ක්‍රියාත්මක වේ. පෙ.ව.7.30 සිට 12.30 දක්වා කාලය තුල ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන ඉල්ලුම්කරුවන් 9 වන මහලේ D පර්යන්තය වෙත පැමිණීමෙන් මෙම සේවාව ලබාගත හැකිවේ.
- ඉහත එක් එක් අවස්ථාවන්ට අදාලව අවශ්‍ය ලේඛණ සමග ග්‍රාම නිලධාරී හමුවීමෙන් ඉල්ලුම්පතක් යොමු කළ හැකිවේ. එම ඉල්ලුම්පත අයදුම්කරු විසින් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් වරයාගේ අනු අත්සන් කිරීමෙන් පසු ඉල්ලුම්පත එක්දින සේවාව වෙත රැගෙන යා යුතු අතර පැමිණීමේදී ඉහතින් සඳහන් කළ ලේඛණවල “මුල් පිටපත්” රැගෙන ඒම අනිවාර්ය වේ.
- එක් දින සේවය මඟින් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා රුපියල් 2000.00 ගාස්තුවක් අය කරනු ලබන අතර ඒ සමගම අයදුම්පත් ගාස්තු හා දඩ මුදල් එක් දින සේවයේ සරප් වෙත ගෙවිය යුතුය.
- එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට අවශ්‍ය ඉල්ලුම්කරුවන්ට සම්පුර්ණ කරන ලද ඉල්ලුම්පත් සහිතව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත, ගාල්ල පළාත් කාර්යාලය වෙත හෝ වයඹ පළාත් කාර්යාලය වෙත පැමිණීමෙන් එම සේවාව ලබා ගත හැකිය.










