නම සංශෝධනය සඳහා අවශ්‍ය ලේඛන

  1. ඉල්ලිම් ලිපිය
  2. දිවුරුම් ප්‍රකාශය
  3. ග්‍රාම නිලධාරි වාර්තාව
  4. පත්තර දැන්විම්
  5. ජා.හැ.ප.පිටපතක්
  6. අධ්‍යාපන සහතිකය
  7. බැංකු පාස් පොතේ පිටපතක්
  8. විවාහා සහතිකයේ පිටපතක්
  9. ඉඩම් ඔප්පුවේ පිටපතක්
  10. දරුවන්ගේ උප්පැන්න සහතික වල පිටපත්

කල්ගතවු මරණයක් ලියාපදිංචි කිරිම සඳහා අවශ්‍ය ලිපි ලේඛන

  1. ඉල්ලිම් ලිපිය
  2. ප්‍රකාශ පත්‍රය
  3. හිස් ප්‍රතිඵල ලේඛනය
  4. ග්‍රාම නිලධාරි වාර්තාව
  5. අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාව
  6. මරණ පරික්ෂකගේ වාර්තාව
  7. මල් ශාලාවේ ලිපිය
  8. පාංශකුලය පැවැත්වු විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ලිපිය
  9. මරණාධාර සමිතියේ ලිපිය

කල්ගිය උපතක් ලියාපදිංචි කිරිම

  1. පුද්ගලයාගේ උපන් දිනය හා උපන් ස්ථානය ඇතුලත් පහත ලියවිලි වලින් එකක්.
  • රෝහල් උපත් වාර්තාව හෝ එහි සහතික පිටපතක්
  • ග්‍රාම නිලධාරි වාර්තාව
  • පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ උපත් ලේඛනයේ පිටපතක්
  1. ඉහත සඳහන් ලිපිලේඛන නොමැති නම් පහත ලියකිවිලි වලින් එකක්
  • සෞඛ්‍ය වර්ධන සටහන
  • බෞතීස්ම සහතිකය
  • වෙලාපත්කඩය
  • ශිෂ්‍ය කාර්ය දර්ශනය
  • පිලිගත් හැදුනුම්පතක්
  • මුල්වරට පාසැලට ඇතුලත් කිරිමේ ලේඛනයේ පිටපතක්
  1. දෙමාපියන් විවාහක නම් ඔවුන්ගේ විවාහ සහතිකය( අවිවාහකව සිටියදි පියා පීතෘත්වය භාරගන්නේ නම් පියාගේ දිවුරුම් ප්‍රකාශය)
  2. දිවුරුම් ප්‍රකාශය හා කරුණු ගත හැකි වාර්තා
  3. ප්‍රකාශය ඉදිරිපත් කරන අය විසින් ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශය
  4. දෙමාපියන්ගේ උප්පැන්න සහතික
  5. උපත ලැබු ස්ථානය වත්තක නම් වතු අධිකාරියේ ප්‍රකාශය
  6. ග්‍රාම නිලධාරින්ගේ ප්‍රකාශය
  7. රෝහල් උපත් ලේඛන ආශ්‍රීතව කරනු ලබන ප්‍රකාශය

උප්පැන්න සහතිකයේ මවගේ හෝ පියාගේ නම හා උපන්දිනය වෙනස් කිරිමට අවශ්‍ය ලේඛන

  1. 52 (1) ප්‍රකාශ පත්‍රය
  2. දිවුරුම් ප්‍රකාශය
  3. ඉල්ලීම් ලිපිය
  4. ග්‍රාම නිලධාරි වාර්තාව
  5. මවගේ හෝ පියාගේ උපපැන්න සහතිකය
  6. ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත
  7. විවාහා සහතික පිටපත්

අයදුම්පත් ගාස්තු සහ දඩ මුදල්

1

මුල්වරට ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව                          

රු. 200.00

2

ජාතික හැඳුනුම්පතක සංශෝධිත පිටපතක් නිකුත් කිරීම සඳහා

රු. 500.00

3

නැති වු ජාතික හැඳුනුම්පතක් වෙනුවට අනු පිටපතක් නිකුත් කිරීම සඳහා

රු.1000.00

4

එක් දින සේවය මඟින් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම

රු.2000.00

5

උචිත නියමිත කාලය තුල ජාතික හැඳුනුම්පතක් ලබා නොගැනීම සඳහා වන දඩ මුදල

රු.2000.00

6

අවස්ථා දෙකකදී මුල් අයදුම්පත් ඉදිරිපත් කිරීම

රු.1000.00

7

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම                                                                              

රු.2500.00

ඉහත කී ගාස්තු, ඉල්ලුම්පත සහතික කරනු ලබන සහතික කිරීමේ නිලධාරීන් මගින් ගෙවිය හැකි වන අතර, දඩ මුදල් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සරප් වෙත ගෙවිය යුතුවේ.

News & Events

Scroll To Top