නැතිවූ ජාතික හැඳුනුම්පතක් සඳහා නව ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම

ජාතික හැඳුනුම්පත නැතිවූ පුද්ගලයකු විසින් ඒ පිළිබඳව වහාම ලඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කර, නැතිවූ ජාතික හැඳුනුම්පත වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොපමාව ඉල්ලුම් කළ යුතුය

ඉදිරිපත් කළ යුතු ලේඛන

  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය (පු.ලි.දෙ./වි/1,7,8 ආකෘති පත්‍රය)
  2. පොලිස් පැමිණිල්ලේ මුල් පිටපත
  3. අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛණයෙන් උපුටාගත් සටහන
  4. මාස 06ක් ඇතුළත ලබාගත් ICAO ප්‍රමිතියෙන් යුතු ඡායාරුපය
  5. ඉල්ලුම්පත් ගාස්තුව ගෙවූ බවට කුවිතාන්සිය

News & Events

Scroll To Top